25 C
Colombo
Monday, April 29, 2024

බන්දුලගේ බයිලා නිසා ආණ්ඩුව අපහසුතාවයට

- Advertisement -

බුද්ධිමතුන් රට හැරයාම සහ මැයි 09 ප්‍රහාර අතර සම්බන්ධයක් ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය ඔහුගේ පුද්ගලික ප්‍රකාශයක් බව අමාත්‍ය මණ්ඩල කාර්‍යාලය පවසනවා.

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර ලෙසින් අමාත්‍ය මණ්ඩල කාර්යාලය මෙසේ දැනුම් දී තිබුණා.

පසුගිය අගෝස්තු 15 වන දින හෝ ඒ ආසන්න දිනයක පැවති රජයේ නිල කැබිනට් තීරණ දැනුම් දීමේ සාකච්ඡාවකදී බන්දුල ගුණවර්ධන මහතා මෙසේ ප්‍රකාශ කළා.

“මැයි 09වනදා ඇති වූ සිදුවීම් හේතුකොට ගෙන රටේ බොහෝ විද්වතුන්ට අවිශ්වාසයක් සැකයක් රට සම්බන්ධයෙන් ඇතිව තිබෙනවා.”

මෙම  ප්‍රකාශය කැබිනට් මණ්ඩලයේ නිල ස්ථාවරය මත පදනම් වූවක්ද නැතිනම් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ පුද්ගලික ප්‍රකාශයක්ද යන්න පිළිබඳව සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අනුරුද්ධ බණ්ඩාර මහතා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද පනත යටතේ අමාත්‍ය මණ්ඩල කාර්යාලය වෙත ලිපියක් යොමුකර තිබුණා.

එහිදී ඔවුන් පවසා ඇත්තේ එම  කාර්‍යාලය සතු තොරතුරු අනුව බන්දුල ගුණවර්ධන මහතාගේ  ප්‍රකාශය අමාත්‍ය මණ්ඩල තිරණයක් මත පදනම් වූ බවක් හෝ අමාත්‍ය මණ්ඩලයේ නිල ස්ථාවරය මත පදනම් වූවක් නොවන  ලෙස නිරීක්ෂණය වන බවයි.

එමෙන්ම මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් ප්‍රකාශ කරන ලද්දක් නිසා කැබිනට් අමත්‍යවරයෙකු විසින් මාධ්‍ය වෙත කරනු පදනම් විරහිත ප්‍රකාශයක් සම්බන්ධයෙන් පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩල කාර්යාලට බලයක් නැති බවද පිළිතුරු ලිපිය මගින් අමාත්‍ය මණ්ඩල කාර්යාලය පෙන්වාදී තිබුණා.

අදාළ ලිපිය පහතින්,


RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...