28 C
Colombo
Friday, May 3, 2024

නිරෝධායන නීති කඩකරමින් ‘හිරු මෙගාස්ටාර්’ ජයග්‍රාහිකාව කුරුණෑගල දක්වා රථ පෙළපාලියක (ඡායාරූප)

- Advertisement -

පසුගියදා නිමාවට පත්වූ ‘හිරු මෙගා ස්ටාර්’ වැඩසටහනේ ජයග්‍රාහිකාව නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කුරුණෑගල දක්වා රිය පෙරහැරකින් ගමන් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

එම තරඟයේ ජයග්‍රාහිකාව වූ නවක රංගන ශිල්පිනී ඩිෂ්නි රාජපක්ෂ හා ඇයගේ නර්තන සහකරු නංවා ගත් රිය පෙරහැරක් මෙලෙස නිරෝධායන නීති උල්ලංඝණය කරමින් ගමන් කර ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

නිරෝධායන ඇඳිරිනීතිය අවසන් කළද තවමත් පළාත් අතර සංචරණ සීමා පනවා ඇති පසුබිමක ඇය බස්නාහිර පළාතේ සිට වයඹ පළාත දක්වා ගමන් කර තිබීම හා ඊට පොලීසියෙන් අවසර ලැබීමද විශේෂත්වයක්.

එමෙන්ම කිසිදු ආකාරයක පෙළපාලි, රැස්වීම්, පාගමන් යනාදිය තවදුරටත් තහනම් කර ඇති තත්ත්වයක් තුළ මෙලෙස ප්‍රධාන මාර්ගයක රිය පෙරහැරකින් ගමන් කිරීමට මෙම කණ්ඩායමකට හැකිවී තිබෙනවා.

රිය පෙරහැරේ ගමන්ගත් නවක නිළි ඩිෂ්නි රාජපක්ෂ හා ඇයගේ නර්තන සහකරු මුව ආවරණයක් හෝ නොපැලද විවෘත පරිසරයක ගමන් කරන ආකාරයද දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් සදහන් කළා.


RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...