30.7 C
Colombo
Saturday, April 27, 2024

පුෂ්පිකාගේ සිව්වන ස්ථාන කතාව බොරුවක්

- Advertisement -

නිමාවූ Mrs.World 2021 තරඟාවලියේදී මෙරටින් සහභාගී වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ සිව්වන ස්ථානය ලැබීම පිළිබද පුවත් බොහෝ මාධ්‍ය වාර්තා කර තිබුණා.

පුෂ්පිකා ද සිල්වා මහත්මියද සිය Instagram ගිණුමේ සදහන් කර තිබුණේ පැවති තරඟාවලියෙන් තමන් සිව්වන ස්ථානය ලැබූ බවයි.

කෙසේ වෙතත් මිසිස් වර්ල්ඩ් ඉන්කෝපරේෂන් හි හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී ලිබ්බි ක්‍රව්ෆෝඩ් මහත්මිය සදහන් කරන්නේ එම පුවත අසත්‍යයක් බවයි.

Mrs.World, Miss World හෝ Miss Universe වැනි රූ රැජිණියන් තෝරාගන්නා ජාත්‍යන්තර තරඟාවලියකදී පළමු ස්ථානය හැර අනෙකුත් ස්ථාන නම් නොකරන බවයි ඇය සදහන් කරන්නේ.

රූ රැජිණක් තෝරාගන්නා තරඟයකදී අවසානයේ රූ රැජිණ නම් කරන අතර අවසාන දෙදෙනාගෙන් ඉවත්වී යන තරඟකාරිය 1st Runner Up ලෙසත්, ඊට පෙර ඉවත්වී යන තරඟකාරිය 2nd Runner Up ලෙසත් හැඳින්වෙනවා.

ඊට පෙර ඉවත්වී යන තරඟකාරියන් හට ස්ථානයක් නම් කිරීම සිදු නොකරන අතර ඔවුන් අවසන් 15 දෙනාගේ හෝ අවසන් 6 දෙනාගේ වටයට ඉදිරිපත්වූ අය ලෙස පමණක් නම් කෙරෙනවා.

ක්‍රව්ෆෝඩ් මහත්මිය සදහන් කරන්නේ පුෂ්පිකා ද සිල්වා මෙනෙවිය අවසන් 6 දෙනාගේ වටයට පැමිණීම සම්බන්ධයෙන් ඇයට සුභ පැතිය යුතු බවයි.

නමුත් සිව්වන ස්ථානය පිළිබදව ඇයගේ ස්ථාවරය නිවැරදි විය යුතු බව ඇය සදහන් කරනවා.

මේ පිළිබදව අදහස් දක්වමින් 1984 වසරේදී ලක් රූ රැජිණ ලෙස කිරුළු පළදා පසුව ලෝක රූ රැජිණ තරඟාවලියටද සහභාගී වූ ඇන්ජලා සෙනෙවිරත්න මහත්මිය පවසන්නේ පුෂ්පිකා ද සිල්වා මහත්මිය අවසාන 6 දෙනා අතරට පැමිණීම පිළිබදව ශ්‍රී ලංකාව ලෙස සතුටුවන නමුත් ඇය බොරු ගොතමින් පැවසීම පිළිබදව දුක්වන බවයි.

එම ජාත්‍යන්තර තරඟය සජීවීව බොහෝ දෙනා නැරඹූ බවත් පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ මෙම ප්‍රකාශ නිසා ශ්‍රී ලංකාව ජාත්‍යාන්තරය ඉදිරියේ හෑල්ලුවට පත්වන බවත් ඇය වැඩිදුරටත් සදහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

යුද්ධයේ සුන්බුන් ගාසාවෙන් ඉවත් කරන්න වසර 14ක් ‍යනවා – එක්සත් ජාතීන්

ඊශ්‍රායල හා පලස්තීන යුද ගැටුමෙන් ගාසා තීරයේ ඉතිරි වූ පුපුරා නොගිය බෝම්බ ඇතුළු විශාල සුන්බුන් ප්‍රමාණය ඉවත් කිරීමට වසර 14ක් පමණ ගතවනු ඇති බව...

ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ගුවන් යානයක්

ශ්‍රී ලංකාවේ සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයක් පරිත්‍යාග කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ  දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආසියානු  කලාපයේ) නියෝජ්‍ය ලේකම්...

‘රනිල්ට ඉඩ දෙන්න’ යතුරු පැදි රැළියක්

"රනිල්ට ඉඩ දෙමු” නමින් යතුරු පැදි රැළියක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද (27) පෙරවරුවේ ආරම්භ කර තිබෙනවා. රට වටා දිස්ත්‍රික්ක රැසක සංචාරය කරන මෙම...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...