33 C
Colombo
Saturday, May 4, 2024

බෝම්බෙ ගැන අහලා මුනිගේ ඔළුවට ගෝනියක් දාලා හොඳටම ගහලා – ඩිලාන් පෙරේරා පියතුමා (වීඩියෝ)

- Advertisement -

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් සොයාගැනීමේ සිදුවීමට අදාලව අත්අඩංගුවට ගත් එම පල්ලියේ ‘සන්ක්‍රිස්තියන්’ තනතුර දැරූ මුනි නම් පුද්ගලයා හට පොලීසියෙන් හිසට ගෝනියක් දමා පහරදී ඇති බවට ඩිලාන් පෙරේරා පියතුමන් පවසනවා.

ඩිලාන් පෙරේරා පියතුමන් මෙම අදහස් පලකළේ ඊයේ (23) දිනයේ Zoom යෙදුම මගින් පැවැත්වූ “බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ බෝම්බය සහ ඊට අදාල හෙලිනොවුන තොරතුරු පිළිබඳ සාකච්ඡාව” අතරතුරයි.

එයට ප්‍රතිචාර දක්වමින් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ ආණ්ඩුව හා පොලීසිය සිදුකරන මෙම නාටකය පිළිබදව ඇත්ත පැහැදිලිව පෙනෙන්නට ඇති බවයි.

“මේ සිද්ධියේ ඇත්ත නැත්ත සම්පූර්ණයෙන්ම හෙළිදරව් කරගන්න කල්ම අපි අරගලයක් කරනවා මේ ආණ්ඩුවට විරුද්ධව. මොකද මේ ආණ්ඩුවයි පොලීසියයි කරන නාටකය අපිට පැහැදිලිවම පේනවා. ඒ නිසයි මම අපේ පියතුමන්ලාට කිව්වේ එදා උදේ වරුවේ දර්ශන බලන්න කියලා. මොකද අපිට එතකොට මේ බෝම්බය වෙන කෙනෙක් ගෙනාවද හොයන්න පුළුවන් වෙනවානේ. ඉතින් ඒ අනුව අපිට හොයාගන්න පුළුවන් වුණා. අනිත් එක අර ‘මුනි’ කියන කෙනා පිට මේක දාලා අතහෝදගන්න පොලිසීය උත්සහ කෙරුවා. පොලිස් ඇමති ඒක තමයි ඒ ප්‍රකාශයේදී කිව්වේ. එහෙම දේවල් කරන්න අපිට ඉඩදෙන්න බැහැ සාධාරණ හදවතක් තියෙන ඕනෑම මනුස්සයෙකුට. ඒ නිසා අපි මේ කාරණව එහෙම ලිස්සලා යන්න දෙන්නේ නැහැ. ආණ්ඩුවටවත් පොලීසියටවත්. අපිට උසාවිය තියෙනවා. උසාවිය ගැන අපිට විශ්වාසයි. ඒ නිසා මේ කාරණාව උසාවියේදී මේ කරපු වැරැද්ද හරිගස්සන් ඕනේ. මේ මනුස්සයාට වුණ වැරැද්ද හරිගස්සන්න අපි කටයුතු කරනවා. පොලීසිය භාර ඇමති එදා වැඩි වෙලා යන්නට පෙර පැනලා කියපු දේ තමයි මේක මේ මනුස්සයා කරපු වැඩක් කියලා. අනිත් එක විතරක් නෙමෙයි අර කොහෙද රෝහල් බෝම්බයත් මේ මනුස්සයා ඇඟේ පැටෙව්වා. ඉතින් මේවා පොලීසිය ගහලා මිනිස්සුන්ට තර්ජනය කරලා කරන්න හදන යුක්තිය අපි පිළිගන්නේ නැහැ. අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒක නිසා අපි මේ මනුස්සයාට සහ අනෙක් තුන්දෙනාට වුණ අසාධාරණයට අපි ඉදිරිපත් වෙලා කටයුතු කරන්න තීරණය කරලා තියෙනවා.”


RECENT ARTICLES - SINHALA

ලොහාන් රත්වත්තේ රනිල් ළඟට

නැවත රට භාරගැනීම සඳහා තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා. අද (04) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බී, සි,...

වාද්දුවේ පොලිස් වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

වාද්දුව, මොල්ලිගොඩ ප්‍රදේශයේ හෝටලයක් අසල අද (04) දහවල් වෙඩි තැබීමක් සිදු කර තිබුණා. මෙම වෙඩි තැබීම පොලීසිය විසින් සිදු කරන ලද්දක් බවට මේ වන විට...

රනිල් – බැසිල් හමුවක් අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (04) සිදුවීමට නියමිතව තිබෙනවා. එම හමුව අද පස්වරු 4.30ට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...