28 C
Colombo
Sunday, May 5, 2024

ඇමරිකාවේදිත් මට කුමන්ත්‍රණයක් කළා. නැත්නම් මම දිනනවා. රෝසිටත් පුෂ්පිකාගෙන් බැනුම් (වීඩියෝ)

- Advertisement -

ඇමරිකාවේ පැවති ලෝක විවාහක රූ රැජින තරගාවලියේදී තමනට අසාධාරණයක් වූ බව එම තරඟාවලියට ශ‍්‍රී ලංකාවෙන් සහභාගී වූ පුෂ්පිකාද සිල්වා මහත්මිය සදහන් කරනවා.

එම අසාධාරණකම් සිදු නොවුනේ නම් තමන් එම තරඟාවලියෙන් ජය ගැනීමට ඉඩ තිබූ බව ඇය සිය ෆේස්බුක් හා ඉන්ස්ටග්‍රෑම් ගිණුම්වල සටහන් තබා තිබෙනවා.

මේ අතර මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පුෂ්පිකා ද සිල්වා මහත්මිය රෝසි සේනානායක මහත්මියටද විවිධාකාරයෙන් චෝදනා එල්ල කළා.

රෝසි සේනානායක මහත්මියද ඇමරිකාවේ පැවති Mrs.World තරඟාවලිය නැරඹීමට සහභාගීවූ බවත් ඇයගේ ගුවන් ටිකට්පත් මෙන්ම ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහගේ ගුවන් ටිකට්පතද තමන්ගේ වියදමින් ලබාදුන් බවත් පුෂ්පිකා ද සිල්වා මහත්මිය සදහන් කරනවා.

කෙසේ වෙතත් තමන්ගේ ළඟින්ම සිටි පුද්ගලයින් තමන්ට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් කළ බවත් මේ නිසා තමන්ට කිරුළ අහිමි වූ බවත් ඇය පවසනවා.

තමන්ගේ කිරුළ අහිමිවූයේ නාකි විවාහක රූ රැජිනක් බව ඇය මෙහිදී සදහන් කළා.

චන්දිමාල් ජයසිංහවද තමන්ට කිසිසේත්ම විශ්වාස කළ නොහැකි බවත් කොරෝනා සමයේ ඔහුගේ උපන්දින සාදයටද තමන්ව කැදවා අපහසුතාවයට පත්කිරීමට උත්සහ කළ බවත් ඇය සදහන් කරනවා.

කෙසේ වෙතත් තරඟයේ සිවුවන ස්ථානයක් නොමැති බවට ඇය දැන නොසිටියේදැයි චමුදිත සමරවික්‍රම ඇයගෙන් කළ ප්‍රශ්න කිරීමට ඇය නිසි පිළිතුරක් දීමට අපොහොසත් වනවා.


RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...