32 C
Colombo
Thursday, May 2, 2024

රට වහන්න කිව්වම ගෝඨාභයට තරහා ගියා. මට අස්වෙන්නත් කිව්වා – විමල්

- Advertisement -

පවති කොවිඩ් තත්ත්වයත් සමඟ තවදුරටත් රට විවෘත කරගෙන සිටි සමයේ තමන් ඇතුළු පක්ෂ 11 නායකයින් රට වසාදමන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි නිසා ජනාධිපතිවරයා කෝප වූ බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

මේ හේතුව නිසා තමන්ට දුරකතනයෙන් ඇමතූ ජනාධිපතිවරයා උච්ච ස්වරයෙන් විවිධ ප්‍රකාශ කළ බවත් අනතුරුව ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙන ලෙසත් තමන්ට දැනුම් දුන් බව අද (05) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වීරවංශ මහතා හෙළි කළා.

පසුව උදය ගම්මන්පිල මහතාට සහ වාසුදේව නානායක්කාර මහතාටත් ජනාධිපතිවරයා එලෙසම අමතා බැණවැදී ඇති බවත් ඔහුට අන්‍ය මත ඉවසීමට හැකියාවක් නොමැති බවත් වීරවංශ මහතා පෙන්වා දෙනවා.

ඊට අදාළ දර්ශන පහතින්,


RECENT ARTICLES - SINHALA

මාස දෙකක දැරියකගේ සිරුරක් ළිඳක තිබී හමුවෙයි

කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් කන්ද කුඩාව ගමේ නිවසක ළිඳක තිබී මාස දෙක හමාරක් වයසැති සිගිති දියණියකගේ මෘත දේහය සොයා ගෙන තිබෙනවා. එම  නිවසේ ළිදේ...

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවාවක්

ඉන්දු - ලංකා මගී යාත්‍රා සේවය මැයි මස 13 වන දින සිට නැවත ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා. ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරෙයි වරාය...

තේ වතු කම්කරුවන්,තේ වතු හිමියන් කරන්න මට ඉඩ දෙන්න-සජිත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (01) තලවකැලේ නගර සභා ක්‍රිඩාංගණයේදි පැවති ජාතික කම්කරු සංගමයේ සහ ජාතික කම්කරු පෙරමුණේ මැයි දින රැලියට එක්වුණා. එහිදි විපක්ෂ...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...