27.2 C
Colombo
Sunday, April 28, 2024

කංචන ආවා. තෙල් මිල අහසට ගියා.

- Advertisement -

නව බලශක්ති අමාත්‍යවරයා ලෙස කංචන විජේසේකර මහතා පත්වීමෙන් සුළු මොහොතකට පසු මෙරට ඉන්ධන මිල යළිත් වරක් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 84 කින්ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 90 කින්ද, ඩීසල් ලීටරයක් රුපියල් 113 කින්ද, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 75 කින්ද ලෙස දැවැන්ත ලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට ඛනිජ තෙල් අමාත්‍යවරයා කටයුතු කර තිබීම විශේෂත්වයක්.

නව මිල ගණන් අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 338 ක් වන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 373 ක් වනවා.

ඩීසල් ලීටරයක නව මිල රුපියල් 289 ක් වන අතර සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 329 ක් ලෙස සටහන් වනවා.

මේ අතර 2022.14.15 දිනැති අලෙවි චක්‍රලේඛ අංක 1043 මගින් පනවා තිබූ යතුරු පැදි, ත්‍රිරෝද රථ, කාර්, වෑන්, ජීප් ඇතුළු අනෙකුත් වාහන සඳහා අලෙවි කළ යුතු ඉන්ධනවල උපරිම වටිනාකම සම්බන්ධ සීමාවන්ද අහෝසිකර තිබෙනවා.

කෙසේවෙතත් මෙම අතිවිශාල ඉන්ධන මිල ඉහළයෑමත් සමඟ මෙරට සියලුම භාණ්ඩ හා සේවාමිල ඉදිරියේදී ඉහළ යන අතර එය උද්ධමනය කෙරෙහි සෘජුවම බලපානු ලබනවා.


RECENT ARTICLES - SINHALA

නිලධාරි හිඟයෙන් විගණනයත් කොටඋඩ

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව තිබෙන බව වාර්තා වනවා. විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2400ක් සිටිය යුතු තැන දැනට සිටින්නේ 1400ක් බවයි වාර්තා වන්නේ....

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතා ගැන තීරණයක්

රාජ්‍ය විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්‍යාපන...

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ලොක්කෙක් නිකුත් කළ ලිපියක් එළියට

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා සහ එම අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය කාලසීමාව තුළ ගෙන්වූ ඖෂධ සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවට ලිපියක් නිකුත් කර ඇති බව...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...