30.3 C
Colombo
Friday, April 26, 2024

තෙල් පෝළිමේදී වාහනයකට යටවී තරුණයෙක් මරුට..!

- Advertisement -

බහාලුම් ප්‍රවාහන රථයකට යටවීමෙන් ඉන්ධන පිරවුම්හලක් අසල පෝලිමක රැඳී සිටි 19 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අනුරාධපුර – පුත්තලම ප්‍රධාන මාර්ගයේ පණ්ඩුලගම ප්‍රදේශයේදීය.

මියගිය තරුණයාගේ පියා,

“පුතාට රට යන්න ඕනේ කිව්වා. මං කිව්වා පුතා.. එපා රට යන්න. ඔයා මෙහෙ ඉන්න. අපි මෙහෙ කොහොම හරි ජීවත්වෙමු කියලා. ඊට පස්සේ එයාට වව්නියාවට යන්න ඕනේ වුණා. ඒකට තෙල්ටික ගහගන්න තමයි ෂෙඩ් එකට ගියේ. ඒ වෙලාවේ තමයි මේ කරදරය වුණේ.”

ඉන්ධන අර්බුදයත් සමග පෝලිම් ආශ්‍රිතව මරණ 15ක් පමණ පසුගිය කාලයේ වාර්තා විය.

ඉන් මරණ 8ක්ම සෘජුවම පෝලිම්වල බොහෝ වේලාවක් රැඳී සිටිමින් සෞඛ්‍ය තත්ත්වය අයහපත්වීම නිසා සිදුවූ මරණ බව සෞඛ්‍ය අංශ පෙන්වාදී තිබෙනවා.

තත්වය මෙසේ තිබියදී පෙට්‍රල් නෞකාවක් පැමිණෙන බවට අවධාරනය කරමින් පැවසූ බලශක්ති අමාත්‍යවරයා ඊයේ දින ට්විටර් පණිවිඩයක් තබමින් පවසා සිටියේ අදාල නෞකාව තවත් ප්‍රමාද වන බවත් ඒ සම්බන්ධව තමා කණගාටුව පලකරන බවත්‍ය.

අමාත්‍යවරයාගේ කණගාටුව ඉන්ධන පෝළිම් වල දින ගණන් රැඳී සිට මිය යන ජනතාවට ප්‍රමාණවත් වන්නේද යන්න ගැටළු සහගතයි.


RECENT ARTICLES - SINHALA

අපරාධවලින් ඉපයූ ධනය යළි අය කරගන්න නීතියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ...

නීතිඥ සංගමයට සජබෙන් ආරාධනයක්

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ආරාධනා කර තිබෙනවා. ශ්‍රී...

අමරවීර ඉරානයට

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉරානයේ ‌ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...