28.2 C
Colombo
Wednesday, April 24, 2024

වෛද්‍ය පාදෙණියගේ සභාපතිකමට කණකොකා හඬයි

- Advertisement -

2021/2022 කාලසීමාව සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා නිතරඟයෙන් පත් කිරීම වළක්වාලමින් මොරටුව දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අදාළ අතුරු තහනම මඟින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මැතිවරණ කමිටු සභාපතිවරයාට නියෝග කර ඇත්තේ 2021/2022 යන වසර සඳහා විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස පත් කිරීම වලක්වන ලෙසයි.

ඒ අනුව දිසා විනිසුරු දමින්ද ආර්. වැලිගොඩපිටිය මහතා නියෝග කර ඇත්තේ නිසි පරිදි නාමයෝජනා කැඳවීමකින් අනතුරුව පවතින මැතිවරණයකින් තේරී පත්වීමකින් මිසක එම සංගමයේ සභාපතිවරයා ලෙස 2021/2022 කාලයට විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාට නිතරඟයෙන් පත්විය නොහැකි බවයි.

එමෙන්ම නියමිත ක්‍රියාවලියෙන් පසුව 2021/2022 කාලසීමාව සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට නිලධාරී මණ්ඩලය තෝරා පත් කර ගැනීම සඳහා අලුතින් නාමයෝජනා කැඳවීමට පියවර ගන්නා ලෙසද විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා විසින් 2021/2022 වසර සඳහා GMOA සභාපති ධූරයට තරඟ කිරීමට තමන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මැතිවරණ කමිටුව විසින් වංචනික පදනමක් මත ප්‍රතික්ෂේප කළ බවට චෝදනා කරමින් ගොනු කළ නඩුවකට අදාළව මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ලොව වඩාත්ම බලපෑම් සහගත 100 දෙනා අතරට ලාංකික කාන්තාවක්

ශ්‍රී ලංකාවේ LGBTQ ප්‍රජාව වෙනුවෙන් හඬ නගන අයකු ලෙස ප්‍රකට රොසෑනා ෆ්ලේමර් කල්දේරා මහත්මිය TIME සඟරාවේ 2024 වසර සඳහා වන වඩාත්ම බලපෑම්සහගත පුද්ගලයන් 100...

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් කරගන්න එපා – රනිල්

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බවත් එබැවින්  සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය...

ගම්පහ ඔස්මන් ඝාතන සැලසුමක් හෙළි වෙයි

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන "ඔස්මන්" නැමැත්තා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (23) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...