28 C
Colombo
Sunday, October 1, 2023

Breaking: අධිකරණයට අපහාස කළ චෝදනාවට රන්ජන් වරද පිළිගනියි

- Advertisement -

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන දෙවන නඩුවටත් මුහුණ දී සිටින රන්ජන් රාමනායක මහතා එම නඩුවේ ඇති චෝදනාවට තමන් වරද පිළිගන්නා බව අද (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

මෙම නඩුව බුවනෙක අලුවිහාරේ, එල්. ටී. බී. දෙහිදෙණිය සහ ගාමිණි අමරසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබූවා.

මෙම චෝදනාවලට තමන් “නිවැරදිකරු” බව සඳහන් කරමින් රන්ජන් රාමනායක මහතා විසින් මීට පෙර අධිකරණය හමුවේ උත්තරවාද ඉදිරිපත් කර තිබුණා.

එහෙත් මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ මෙම චෝදනාවලට තමන් නිවැරදිකරු යැයි තම සේවාදායකයා මීට පෙර දුන් උත්තරවාදය ඉවත් කරගෙන “වැරදිකරු” යන උත්තරවාදය ඉදිරිපත් කිරීමට සූදානම් බවයි.

ඉන් අනතුරුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් රන්ජන් රාමනායක මහතා අධිකරණය හමුවට කැඳවා ඒ පිළිබඳව විමසීමක් සිදු කරනු ලැබූවා.

එහිදී රන්ජන් රාමනායක මහතා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ අදාළ චෝදනාවලට “නිවැරදිකරු” යැයි තමන් විසින් මීට පෙර ඉදිරිපත් කළ උත්තරවාදය ඉවත් කරගෙන “වැරදිකරු” යන උත්තරවාදය මෙම අවස්ථාවේදී ඉදිරිපත් කරන බවයි.

“ස්වාමීනි..මෙම චෝදනාවලට නිවැරදිකරු බව මා මුලින් ප්‍රකාශ කළා. එහෙත් එම උත්තරවාදය ඉල්ලා අස්කරගෙන “වැරදිකරු” යන උත්තරවාද ඉදිරිපත් කිරීමට මා අවසර පතනවා. මා දෙරණ නාලිකාවේ “වාද පිටිය” වැඩසටහනේදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙම නඩුව පැවරී තිබෙන්නේ. මා විසින් සිදු කළ ප්‍රකාශයෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක්, නින්දාවක් හෝ හෑල්ලුවට ලක් කිරීමේ චේතනාවක් මා තුළ තිබුණේ නැහැ. එවැනි මතයක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලා තුළ තිබෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් මා කොන්දේසි විරහිතව කනගාටුව ප්‍රකාශ කර සිටිනවා.”

ඉන් අනතුරුව රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම කරුණ සම්බන්ධයෙන් ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙවැනි අවස්ථාවක විත්තිකරුවෙකුට සිරදඬුවමක්, දඩයක් හෝ සිරදඬුවම් හා දඩය යන දෙකම පැනවීමට අධිකරණයට බලයක් තිබෙන බව සඳහන් කළා.

ඉන් අනතුරුව මෙම පැමිණිල්ලට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා මැයි මස 4 වනදා ගොනු කරන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පැමිණිල්ල පිළිබඳ තීන්දුව ප්‍රකාශ කිරීම දින නියමයක් නොමැතිව කල් තැබුවා.

2018 වසරේ එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා පත් කෙරුණු පංච පුද්ගල විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනක දී රන්ජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු වූයේ යැයි සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.


RECENT ARTICLES - SINHALA

කාර්මික දෝෂ නිසා අදත් ගුවන් ගමන් දෙකක් අවලංගුයි

අද (01) පෙරවරු 8.20ට පමණ නේපාලයේ - කත්මන්ඩු නුවර දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබු ගුවන් ගමනක් අවලංගු කර තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන්...

සීතා ඇතින්නියගේ පපුවේ උණ්ඩ 7ක්

මහියංගනයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ මහරගම සීතා ඇතින්නගේ හෘදය වස්තුව ආසන්නයේ සිරුර තුළට උණ්ඩ  හතක්  වැදී ඇති බව ඇතාට වෛද්‍ය ප්‍රතිකාර කරන පේරාදෙණිය විශ්ව...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...