33 C
Colombo
Saturday, May 4, 2024

කින්නියා පාරු අනතුරෙන් පසුව හදනවා කියපු පාලමේ වැඩ නවතියි (ඡායාරූප)

- Advertisement -

පසුගිය වසරේ නොවැම්බර් 23 වනදා ත්‍රීකුණාමලය, කින්නියා, කුරිඤ්ඤන්කර්නි කලපුවේදී පාලම් පාරුවක් පෙරළීමෙන් පුද්ගලයන් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ත්‍රීකුණාමලය, කින්නියා, කුරිඤ්ඤන්කර්නි කලපුව හරහා ගමන්කිරීමට පාලමක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබුණත් එහි වැඩකටයුතු නවතා දමා තිබීම හේතුවෙන් ක්‍රියාත්මක වූ මෙම පාලම් පාරු සේවයෙහි පාරුවක් පෙරලී යෑමෙන් අදාළ අනතුර සිදුවූවා.

කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් අනතුරුව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පවසා සිටියේ එහි ඉදිකිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බවයි.

කෙසේ වෙතත් එහි ඉදිකිරීමේ කටයුතු මේ වන විට යළිත්වරක් නවතා දමා ඇතිබවට තොරතුරු වාර්තා වනවා.

අනතුරෙන් පසුව නාවුක හමුදාවේ මැදිහත්වීමෙන් පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම සඳහා බෝට්ටුවක් යෙදවූවත් මේ වන විට එයද ක්‍රියාත්මක නොවන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

මේ වන විට ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාද ආණ්ඩුවෙන් වන අකටයුතුකම් නිසාවෙන් සිය රාජ්‍ය අමාත්‍යංශයේ වැඩකටයුතුද අඩාලකරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් නැගෙනහිර ජනතා හඩ සංවිධානය පවසන්නේ කුරිඥංකර්නි ජනතාවට පාලම දිනාගැනීම සඳහා ඉදිරියේදී අඛණ්ඩ අරගලයක් සිදුකරන බවයි.


RECENT ARTICLES - SINHALA

මාවුස්සා කැලේ ජලාශයට යටවූ නටඹුන් යළි මතු වෙයි (වීඩියෝ)

මධ්‍යම කඳුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසනවා. පවතින අධික...

දෝලාවෙන් විශ්‍රාම ගිය විදුහල්පතිනිය

0
වව්නියාව, පුදුකුලම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය විශ්‍රාමයාම නිමිත්තෙන් ඇයට ප්‍රණාම දැක්වීමේ උළෙලක් එම විද්‍යාලයේදී සංවිධානය කර තිබුණා. එහිදී දරුවන්, දෙමව්පියන් සහ ගුරුවරුන් එක්වී විදුහල්පතිනියව දෝලාවකින් රැගෙන...

පදියතලාවේ OIC ට පහර දීමක්

පහරදීමකින් බරපතළ තුවාල ලැබූ පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයා රෝහල් ගත කර තිබෙනවා. පදියතලාව, සරණගම ප්‍රදේශයේ දී ඇති වු පෞද්ගලික ආරවුලක දී අනෙක් පාර්ශ්වයේ පිරිස් ස්ථානාධිපතිවරයාට පහරදී...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...