29 C
Colombo
Sunday, April 28, 2024

දේශීය සහල් මාෆියාවට ඉඩක් නෑ – පිටරටින් සහල් ගේනවා..!

- Advertisement -

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

එලෙස විදෙස් රටවල් වලින් ආනයනය කරන සහල් රුපියල් 100ට අඩු මිලකට ලබා ගැනීමට කඩිනමිල් ඉඩ සලස්වන බවයි ඔහු පවසන්නේ.

ජනතාවට අවශ්‍ය සහල් සාධාරණ මිලකට දේශීය වෙළඳපොලේ මිලදී ගැනීමට නොමැති නම් සහ වෙළඳපොලට සහල් නිකුත් කිරීම සීමා කර ඇත්නම් රජයට ඊට මැදිහත්වීමට සිදුවන බවත් එහිදී සහල් පිටරටින් ආනයනය කර හෝ සාධාරණ මිලකට පාරිභෝගිකයාට ලබාදීම ‍රජයක යුතුකම වන බවත් ඔහු පවසනවා.

එබැවින්, මෙලෙස සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට තීරණය කළ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

තවද, සහල් මාෆියාවට සහ මහා පරිමාණ වී මෝල් හිමියන්ට පාරිභෝගිකයන් ගසාකෑමට ඉඩ ලබාදී නිහඬව සිටීමට රජය සූදානම් නොමැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කර සිටිනවා.

සහල් තොග වෙළෙඳාමට සහ සිල්ලර වෙළෙඳාමට පනවා තිබූ මිල පාලනය ඉවත් කිරීමට පෙරේදා (27) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙදි තීරණය කරනු ලැබුවා.

ඒ අනුව, ඉකුත් සැප්තැම්බර් මස 02 දින සහල් සඳහා උපරිම තොග හා සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු විය.

ඉන් පසුව, සහල් සඳහා නව මිල ගණන් මහාපරිමාණ මොල් හිමියන් විසින් ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව නාඩු කිලෝවක මිල රුපියල් 115 ක් ලෙසත්, සම්බා කිලෝවක් රුපියල් 140 ක් ලෙසත්, කීරි සම්බා කිලෝවක් රුපියල් 165 ක් ලෙසත් මිල ගණන් සංශෝධනය වූ බවයි සහල් මෝල් හිමියන් නිවේදනය කර සිටියේ.

එමෙන්ම, 2021 /2022 මහ කන්නය සදහා කාබනික පොහොර හා ස්වභාවික ඛනිජ හා කිලේටඩ් අංශුමාත්‍ර ශාක පෝෂක හ පිටරටින් ආනයනය කිරීම සදහා කැබිනට් අනුමැතිය හිමිවැති බව ඊයේ (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නිවේදනය කරනු ලැබුවා


RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...