30.2 C
Colombo
Saturday, April 27, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කන්න දෙන්න එපා – මන්ත්‍රීවරුන්ගෙන් කතානායකට ලිපියක්

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ දිවා ආහාරය සැපයීම අත්හිටුවන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද (18) ලිපියක් භාරදුන්නා.

අදාළ ලිපිය මගින් ඔවුන් ඉල්ලා සිටින්නේ ජනතාව ඉතා අසීරුවෙන් ජීවත්වන මෙම කාල පරිච්ඡේදය තුළ පමණක් තමන්ට ලබාදෙන දිවා ආහාරය අත්හිටුවන ලෙසයි.

එමෙන්ම දවස පුරා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනයන්හීදී වෙළෙඳපොළ මිල ගණන් යටතේ ආහාර පාර්සලයක් ලබාදීමට අවශ්‍ය කටයුතු කරන ලෙසද අදාළ ලිපියෙන් ඔවුන් ඉල්ලා සිටිනවා.

ලිපිය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 900 කට ආසන්න පිරිසකට දිවා භෝජනය සැපයීමට මේ වන විටත් රජය විශාල වියදමක් දරමින් සිටින බවයි.


RECENT ARTICLES - SINHALA

තායිවානයට යළිත් ප්‍රබල භූකම්පනයක්

තායිවානයේ, හුවාලියන් ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබලත්වයක් සටහන් කරමින් එම භූකම්පනය සිදුව ඇති බවයි. භූකම්පනය...

ශ්‍රී පාද නල්ලතන්නිය නගරයට මත්පැන් බලපත්‍රයක්

නල්ලතන්නිය ශ්‍රි පාද බෞද්ධ මධ්‍යස්ථානය යාබදව සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිතව සංචාරක හෝටලයක මත්පැන් අලෙවිසැලක් විවෘත කිරිමට සුදානමක් ඇති බව නල්ලතන්නිය ප්‍රදේශවාසින් පවසනවා. සංචාරක මණ්ඩලයේ අනුමැතිය...

දුම්රිය ආසන වෙන් කිරීමත් අවුලක

අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීමේ අර්බුදය විසඳීමට බලධාරීන් මේ වනතෙක් පියවර ගෙන නොමැති බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සුමේධ සෝමරත්න මහතා...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...