29.3 C
Colombo
Tuesday, April 30, 2024

අනිත් නායකයන්ට තියෙන දෙයක් රනිල්ට නෑ..! – හරීන් කියයි

- Advertisement -

ශ්‍රී ලංකාවේ සිටි නායකයන්ට වැරදුණු ප්‍රධානතම තැනක් වන්නේ යමෙකුට වැඩක් භාරදී ඊට ඇඟිලි ගැසීම බව ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ, අද (2) අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදී පාර්ලිමේන්තුව අමතමින්.

කෙසේ නමුත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට එම ලක්ෂණය නොමැති බවයි ඔහු පවසන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.

“QR කෝඩ්” වැඩේ කරගෙන යන්න කියලා ජනාධිපතිතුමා කංචන විජේසේකරට බාර දීලා ඒකට ඇඟිලි ගහන්න ගියේ නෑ. අද කිව්.ආර් ක්‍රමය සාර්ථක වෙලා නැද්ද? අපේ හිටපු නායකයත් වැඩක් බාර දීලා ඇඟිලි ගහනවා. මේ වෙලාවෙ අවශ්‍ය වෙන්නේ රට සුව කරන ජනාධිපතිවරයෙක්. හැම දේම හරි යන්නේ නෑ කියන චව් චව්ලාට ජනාධිපති වෙන්න බෑ”

එමෙන්ම, මේ වසරේ ඉදිරි මාස හතර සඳහා රජයේ වියදම් ඇස්තමේන්තු සහිත අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසූ ‘ආජු තපර ලාහිලා’ ගීතයේ ඉතිරි පදපේලීන් සම්පූර්ණ කිරීමට ද අමාත්‍යවරයා කටයුතු කළා.


RECENT ARTICLES - SINHALA

Breaking: ඉන්ධන මිල පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු  කර තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ...

විදෙස් ශ්‍රමිකයන්ට ලබාදුන් වාහන ආනයන බලපත්‍ර ගැන තීරණයක්

විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමයේ කිසිදු විනිවිඳභාවයක් නොමැති බව මුදල් පිළිබඳ කාරක සභාව පවසනවා. ඒ, සම්බන්ධයෙන්...

විදුලි බිලට ලොකු සහනයක්

විදුලි බිල වෙනසක් දැනෙන ආකාරයෙන් මැයි මාසයේදී අඩු කිරීමට බලාපොරොත්තුවන බව විදුලි බල රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. ඔහු සඳහන් කළේ උමා ඔය ව්‍යාපෘතියෙන්...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...