26 C
Colombo
Monday, April 29, 2024

දේශබන්දුට පොලිස්පතිකම මීඩියාවල අතේ රෝලක්

- Advertisement -

මේවන විට මාධ්‍ය ආයතන කිහිපයක් විසින් උණුසුම් කතාබහක් මවා තිබෙන නව පොලිස්පතිවරයා ලෙස කුප්‍රකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කර ඇති බවට වන වාර්තා සම්බන්ධයෙන් News19.lk වෙබ් අඩවිය සොයා බැලීමක් කළා.

එහිදී අප හට වාර්තා වූයේ අදාළ පුවත සම්පූර්ණයෙන් අසත්‍ය බවයි.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පොලිස්පතිවරයා පත්කිරීම ජනාධිපතිවරයාගේ අභිමතයට නොව ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත සිදුවිය යුතු වනවා.

ඒ අනුව ජනාධිපතිවරයා නව පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට සුදුසු පුද්ගලයින් තිදෙනෙකුගේ නම් ව්‍යවස්ථා සභාව වෙත යැවීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨත්වය හා අනෙකුත් සුදුසුකම් අනුව ඉන් එක් පුද්ගලයෙක් ව්‍යවස්ථා සභාව විසින් නිර්දේශ කිරීමෙන් අනතුරුව නව පොලිස්පතිවරයා පත්වනවා.

කෙසේවෙතත් ව්‍යවස්ථා සභාව මෑත කාලයේ කිසිදු අවස්ථාව රැස් නොවූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සභාව වෙත නව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් නම් යැවීමක්ද සිදුකර නැහැ.

වෙනකක් තබා ව්‍යවස්ථා සභාව රැස්වීමට එහි සභාපතිවරයා වන කතානායකවරයා දිවයිනේවත් නොමැති පසුබිමක මෙම ව්‍යාජ පුවත සමාජගත කිරීම ඉතාමත් විහිළු සහගත වනවා.

පොලිස් ධූරාවලියේ ජ්‍යෙෂ්ඨත්වය මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ඉහළින් තවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙක් සිටිනවා.

ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක යන අයයි.

ඒ අනුව ජ්‍යෙෂ්ඨත්ව ලැයිස්තුවේ දේශබන්දු තෙන්නකෝන් මහතා සිටින්නේ තුන්වන ස්ථානයේයි.

එමෙන්ම වර්තමාන පොලිස්පතිවරයා තවමත් විශ්‍රාම ගොස් නැති අතර එය එළැඹෙන 26 වනදා සිදුවීමට නියමිතයි.

කෙසේවෙතත් අපකළ සොයා බැලීමේදී වාර්තා වුණේ වර්තමාන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා හටම සේවා දිගුවක් ලබාදීමට එළැඹෙන සඳුදා කැබිනට් මණ්ඩලය වෙත යෝජනාවක් ගෙන ඒමට සූදානමක් පවතින බවයි.

ඒ අතරතුර කළබල වූ පත්තර හිමිකාරයෙකුද වන දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ළඟම හිතවතෙකුද වන අමාත්‍යවරයෙක් මෙම සාවද්‍ය පුවත ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සමාජගත කිරීමට කටයුතු කර තිබෙනවා.

දේශබන්දු තෙන්නකෝන් මහතා යනු මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකා පොලීසියේ සිටින වැඩිම චෝදනා ලාභී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයායි.

පාස්කු ප්‍රහාරය, ගෝල්ෆේස් ප්‍රහාරය ඇතුළු කුප්‍රකට සිදුවීම් ගණනාවකට ඔහුට චෝදනා එල්ලවී ඇති අතර මේ නිසාම කොළඹ බේරේ වැව අසළදී පසුගිය මැයි 09 වනදා අරගලකරුවන්ගේ ප්‍රහාරයකටද ලක්වුණා.


RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

EPF ගැන රජය හදිසියේම ගත් තීරණය

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...