29.4 C
Colombo
Friday, April 26, 2024

ඔන්ලයින් අධ්‍යාපනයෙන් දරුවන්ගේ ජීවිත විනාශ වෙනවා – කාදිනල්

- Advertisement -

මොනයම් හේතුවක් නිසා හෝ යළිත් පාසල් වසා නොතබන්නැයි අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ ඔන්ලයින් අධ්‍යාපනය මගින් දරුවන්ගේ ජීවිත විනාශ වන බවයි.

කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා මහා විද්‍යාලයට වසර 112 ක් පිරීම නිමිත්තෙන් කෑගල්ල ශාන්ත ජෝෂප් දේවස්ථානයේ පැවති ආශිර්වාද දේව මෙහෙයකට සහභාගීවෙමින් උන්වහන්සේ මෙම අදහස් පලකළා.

දරුවන් ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපනය හදාරන අවස්ථාවේදී වැරදි දේවල්වලට වගේම අපචාරයන්ට යොමු වන්නට වැඩි ඉඩකඩක් ඇති බව පෙන්වා දෙන කාදිනල් හිමිපාණන් පසුගිය කාලයේ දරුවන්ගේ ජීවිත යම් අන්දමකට විනාශ වීමට එය හේතුවක් වූ බව පවසනවා.

“අධ්‍යාපනය කියන්නේ පන්ති කාමරයක පොතක් පෙරළාගෙන විෂයක් ඉගැන්වීමම නෙවෙයි. මවුපියන් බලන්නේ නිතරම දරුවා විභාගවලින් පාස් කරගන්න විතරයි. නමුත් පෞර්ෂත්වය වර්ධනය නොකරන අධ්‍යාපනයකින් ඇති වැඩක් නැහැ. අනාගතයේදී මුහුණ දීමට සිදුවන ප්‍රශ්නවලට ඔරොත්තු දෙන ශක්තිමත් දරුවෙක් බිහිකරන්නේ පාසලෙන්. මගේම දරුවෙක් කියලා හිතාගෙන ඒ දරුවන් ආදරයෙන් බලාගෙන යහමග පෙන්වලා හදාගන්න එක තරම් ගුරුවරයෙක්ට ජීවිතේ වටිනා වෙන දෙයක් නැහැ කියලා මම හිතනවා. ඒක නිසා තමයි කතෝලික සභාව අධ්‍යාපනයට මුල්තැන දෙන්නේ. ගුරුවරයෙකුට සරිලන වැටුපක් ලබාදීම රජයේ වගකීමක්. මොකද ගුරුවරයා කරන්නේ අනාගත පරම්පරාව යහමඟ යැවීමේ මෙහෙවරයි.”


RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

මෛත්‍රීගේ පාස්කු මහමොළකරු කතාවට ටිරාන්ගෙන් උත්තර

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු හෙළි කර...

නව පත්කිරීම් කිහිපයකට අනුමැතිය

නව තානාපතිවරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ ආයතන සභාපතිවරයන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබෙනවා. ඒ අනුව...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...