28.2 C
Colombo
Saturday, April 27, 2024

පාදෙණියගේ කල්ලියෙන් ආණ්ඩුවට සද්දයක්

- Advertisement -

අත්‍යාවශ්‍ය ඖෂධ හා අත්‍යාවශ්‍ය උපකරණ නොමැති පසුබිමක සෞඛ්‍ය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදන නිකුත් කිරීමට රජය කටයුතු කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවසුවේ, අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයක් ඇති විය හැකි බවට මීට පෙර සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරින් දැනුවත් කළ ද ඊට ඔවුන් විසින් නිසි පියවර නොගත් බවයි.

“අද වෙනකොට අපිට පේන්න තියෙනවා දැඩි ඖෂධ අර්බුදයකට අපි මුහුණදෙමින් ඉන්නවා. රජයකට තියෙන මුලික වගකීමක් තමා ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම. ඒ වගේම ජනතාවට සෞඛ්‍ය සඳහා තියෙන මුලික අයිතිවාසිකම තහවුරු කිරීම. ඒ වගේම ජනතාවට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම. මේ සියලුම මුලික අයිතිවාසිකම් මේ රජය සපුරාලන්න රජය අසමත් වේගෙන එනවා. රටේ බෙහෙත් නැත්නම් අත්‍යාවශ්‍ය ඖෂධ නැත්නම්, අත්‍යාවශ්‍ය උපකරණ නැත්නම්, ශෛල්‍යකර්ම කරන්න අවශ්‍ය උපකරණ නැත්නම්, අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යන්න බැහැ. නමුත් අපි දැක්කා රජය ඒ සඳහා අවශ්‍ය අත්‍යාවශ්‍ය සෞඛ්‍ය උපකරණ, ඖෂධ ලබානොදුන්නට වෘත්තීය සමිති මර්දනය කරන්න අත්‍යාවශ්‍ය සේවා කරලා සෞඛ්‍ය සේවාව ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළා. රජයක් සෞඛ්‍ය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස හඳුනාගෙන ගැසට් පත්‍රයක් ගහනවා නම් රජයට පුළුවන් වෙන්න ඕනේ අත්‍යාවශ්‍ය දේවල් තියෙන බව තහවුරු කරන්න.”


RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...