29 C
Colombo
Saturday, July 27, 2024

යොහානි ජනපතිවරයාට විරුද්ධ වෙයි කියා සමාජ මාධ්‍යයේ බොරු දාලා

- Advertisement -

හිටි හැටියේ සමාජ මාධ්‍ය තුළින් අතිශය ජනප්‍රියත්වයට පත් යොහානි ද සිල්වා මෙනෙවියත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරෝධය පලකර ඇති බවට මේ වන විට සමාජ මාධ්‍ය තුළ ඡායාරූපයක් පලවනවා.

එම ඡායාරූපයේ දැක්වෙන්නෙ Gota Hell සහ Go Gota Home යනුවෙන් සඳහන් කළ පුවරුවක් යොහානි ද සිල්වාගේ අතේ ඇති බවයි.

කෙසේවෙතත් අප කළ සොයා බැලීමකදී වාර්තා වුණේ මෙය සංස්කරණය කළ ඡායාරූපයක් බවයි.

‌යොහානි සිය ජංගම දුරකථනය අතැතිව සිටින ඡායාරූපයකට ජනාධිපතිවරයාට එරෙහි පුවරුවක් එක්කර මෙම ඡායාරූපය සංස්කරණය කර තිබෙනවා.

කලාකරුවන් රැසක් විවිධ ස්ථානවලදී ජනාධිපතිවරයාට එරෙහිව විරෝධතා සංවිධානය කර තිබුණත් ඒ කිසිදු ස්ථානයකට යොහානි ද සිල්වා මෙනෙවිය මේ වන තුරුම සහභාගී වුණේ නැහැ.

“මැණිකේ මගේ හිතේ” ගීතය හරහා යොහානි ද සිල්වා මෙනෙවිය ලබාගත් දෙස් විදෙස් ජනාදරයක් හේතුවෙන් ඇයට කොළඹින් ඉඩම් කොටසක් ලබාදීම සඳහා රජය සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව, බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් ඇයට ලබාදීමට කටයුතු කරන බව කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කළා.

එහිදී යොහානි හට පර්චස් 09ක පමණ ඉඩමක් රජයෙන් ලබාදෙන ත්‍යාගයක් ලෙස ලබාදීමට නියමිත වන අතර මේ පිළිබඳ යෝජනාව අග්‍රාමාත්‍යයවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට යොමුකර තිබුණා.

මුල් ඡායාරූපය
සංස්කරණය කළ ඡායාරූපය

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...