33 C
Colombo
Monday, April 29, 2024

නිරූපමා රාජපක්ෂ, ජලනි ප්‍රේමදාස, රෝසි සේනානායක එක්වූ කොළඹ ධනවත් කාන්තාවන්ගේ සාදය (ඡායාරූප)

- Advertisement -

කොළඹ ඉහළ පන්තියේ කාන්තාවන්ගෙන් පමණක් සැදුම්ලත් රාත්‍රී සාදයක් පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී පවත්වා තිබෙනවා.

මෙම සාදය සඳහා කොළඹ ධනවත් කාන්තාවන් පමණක් එක්ව සිටි අතර ඊට ප්‍රභූ කාන්තාවන් කිහිප දෙනෙකුද එක්ව සිටියා.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිද වන ජලනි ප්‍රේමදාස මහත්මිය, සජිත් ප්‍රේමදාස මහතාගේ සහෝදරිය වන දුලාංජලී ප්‍රේමදාස මහත්මිය, කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය, මේ වන විට දැඩි ආන්දෝලනයට පත්ව සිටින චරිතයක් වන නිරූපමා රාජපක්ෂ වැනි ප්‍රභූ කාන්තාවන්ද එම රාත්‍රී සාදයේ දක්නට ලැබුණා.

ඔවුගේ විනෝදාස්වාදය සඳහා සංගීත කණ්ඩායමක්ද යොදවා තිබූ අතර විවිධ ආහාර පානවලින් සාදය රසවත් කර තිබුණා.

නිරූපමා රාජපක්ෂ යනු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේත්, අගමැති මහින්ද රාජපක්ෂගේත් ඥාති සොහොයුරියයි.

පැන්ඩෝරා පත්‍රිකාවල නම සදහන්වීම හේතුවෙන් ඇයට හා ඇයගේ සැමියා වන තිරු නඩේසන් වෙත මේ වන විට දැඩි මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇතත් මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැතිවීමද විශේෂත්වයක්.


RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...