26 C
Colombo
Wednesday, May 1, 2024

නිරූපමා රාජපක්ෂත් රට පනියි

- Advertisement -

පැන්ඩෝරා පත්‍රිකාවල නම සදහන්වූ තිරුකුමාර් නඩේසන් මහතාගේ බිරිඳ වන නිරූපමා රාජපක්ෂ මහත්මිය මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලංකාව හැර ගොස් තිබෙනවා.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ අභ්‍යන්තර ආරංචි මාර්ග News19 වෙත තහවුරු කළේ ඇය එමිරේට්ස් ගුවන් සමාගමට අයත් EK655 දරණ ගුවන් යානයෙන් පිටත්ව ගොස් ඇති බවයි.

කෙසේවෙතත් ඇයගේ සැමියා වන තිරු නඩේසන් මෙරටින් පිටව ගොස් ඇතිදැයි තවමත් වාර්තා වන්නේ නැහැ.

නිරූපමා රාජපක්ෂ යනු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේත් ඥාති සොහොයුරියකි.

ඇයගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් සමග එක්ව නිරූපමා රාජපක්ෂ මහත්මිය ව්‍යාජ සමාගමක් (shell company) පවත්වාගෙන ගිය බවත් ඒ හරහා ලන්ඩන් සහ සිඩ්නි නගරවල නිවාස මිලට ගැනීම සහ වෙනත් ආයෝජනවල යෙදීම සිදුවූ බවත් පැන්ඩෝරා පත්‍රිකා වල සඳහන්ව තිබුණා.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 4 වන දින අදාළ අනාවරණය සිදුවූ අතර ඉන් අනතුරුව ඉන් දින දෙකකට පසුව පැන්ඩෝරා පත්‍රිකාවල නම සදහන් ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබදව වහාම පරීක්ෂණයක් පවත්වා මසක් ඇතුළත තමන්ට වාර්තාවක් සපයන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කළත් මේවන තුරුම ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ජනාධිපතිවරයා ගත්තේ නැහැ.

එවන් පසුබිමක ඇය මෙරටින් පළායෑම විශේෂත්වයක්.


RECENT ARTICLES - SINHALA

CID ලෙස පෙනී සිට කෝටියක අල්ලස් ගත් 4දෙනා රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලුපිටියේදී රුපියල් කෝටියක අල්ලසක් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන...

Breaking: ඉන්ධන මිල පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ...

විදෙස් ශ්‍රමිකයන්ට ලබාදුන් වාහන ආනයන බලපත්‍ර ගැන තීරණයක්

විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමයේ කිසිදු විනිවිඳභාවයක් නොමැති බව මුදල් පිළිබඳ කාරක සභාව පවසනවා. ඒ, සම්බන්ධයෙන්...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...