33 C
Colombo
Sunday, May 5, 2024

පාදෙණිය දොට්ට, නිතරගෙන්ම නව සභාපතිවරයෙක්

- Advertisement -

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ එම සංගමයේ සාමාජිකයන්ගේ දැඩි බලපෑම මතයි.

ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහා නව සභාපතිවරයෙක් සහ ලේකම්වරයෙක් නිතරඟයෙන් පත්කර තිබෙනවා.

සභාපති ධූරය සඳහා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා පත්වූ ඇති අතර වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ලේකම් ධූරයට පත්වුණා.

ඒ සඳහාවන නාමයෝජනා ඔවුන් විසින් අද (21) භාරදී ඇති අතර වෙනත් කිසිදු පාර්ශවයක් එම තනතුරු සඳහා නාමයෝජනා ලබා නොදීම නිසා නිලවරණයක් නොපැවැත්වීමට සංගමයේ විධායක කමිටුව තීරණය කර තිබෙනවා.

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මීට පෙරද එම සංගමයේ ලේකම් ධූරය දැරූ අතර වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාද සහය දැක්වූ රජයේ කාබනික පොහොර ප්‍රතිපත්තිය විවේචනය කිරීම නිසා ඔහුට දැඩි බලපෑම් එල්ල කර එම ධූරයෙන් ඉවත්කර දැමූවා.

කෙසේවෙතත් මෙම පත්වීම් සියල්ල එළැඹෙන ජූනි මස 11 වනදා වාර්ෂික මහා සමුළුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බලාත්මක වනු ඇති.


RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...