29.4 C
Colombo
Friday, April 26, 2024

ණය ගෙවන්නත් චීනයෙන් ණයක්

- Advertisement -

දැනට මෙරට පවතින ණය ගෙවා දැමීම සඳහා චීනයෙන් තවත් ණයක් ලබාදීමට යෝජනා කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසනවා.

මෙරට පවතින වත්මන් ණය ගෙවීම සම්බන්ධයෙන් ඇතිවූ අර්බුදයට පිලියමක් ලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැටළු සහගත බැවින් චීනය මෙම අලුත් ණය මුදල ලබාදීමට තීරණය කර ඇති බවයි ගොඩහේවා මහතා පෙන්වා දෙන්නේ.

චීනය විසින් මේ වනවිට ලෝකයේ විවිධ රටවල් වෙත ණය ලබා දී ඇති නිසා එක රටකට පමණක් මෙලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීම අර්බුදකාරී තත්ත්වයක් වනු ඇති බව චීනයේ ස්ථාවර ලෙස ප්‍රකාශ කර ඇති බව ඔහු සදහන් කරනවා.

මේ වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 4ත් 5ත් අතර ප්‍රමාණයක මෙරට හදිසි මුදල් අවශ්‍යතාවක් පවතින බවද නාලක ගොඩහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළා.


RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

මෛත්‍රීගේ පාස්කු මහමොළකරු කතාවට ටිරාන්ගෙන් උත්තර

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු හෙළි කර...

නව පත්කිරීම් කිහිපයකට අනුමැතිය

නව තානාපතිවරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ ආයතන සභාපතිවරයන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබෙනවා. ඒ අනුව...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...