27 C
Colombo
Thursday, May 16, 2024

‘හිරු’ බොරු පුවතකට ෆොන්සේකාගෙන් කණේ පහරක්

- Advertisement -

තමන් නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්වන බවට හිරු මාධ්‍ය ජාලය හරහා ප්‍රචාරය කර ඇති අසත්‍ය පුවතකට සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ෆොන්සේකා මහතා පවසන්නේ මෙය අසත්‍ය ප්‍රචාරයක් බවත් මෙවැනි පුවත් පලකර ජනතාව නොමඟ යැවීමේ උත්සාහය තමන් තරයේ හෙලා දකින බවයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිව සිටින රජයක කිසිදු තනතුරක් ලබාගැනීම තමන් එක හෙලා ප්‍රතික්ෂේප කරන බව පවසන සරත් ෆොන්සේකා මහතා සමස්ථ ශ්‍රීලාංකීය ජාතියම සාමකාමී අවිහිංසාවාදී පුරවැසි අරගලයක් හරහා ඉල්ලා සිටින ප්‍රධාන ඉල්ලීම් සමඟ තමන්ද කොන්දේසි විරහිතව සිටගන්නා බව සදහන් කරනවා.

ගාලුමුවදොර විරෝධතා භූමියේ සිට රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්, දැයේ දුවාදරුවන්ගේ අනාගතය වෙනුවෙන් හඬ නගන ජනතාවගේ ඉල්ලීම් පිලිබදව තමන් අතිශය සංවේදී බවත්, ආරම්භයේ සිටම අරගලයේ නියුතු අභීත සටන්කාමී පුරවැසි දූදරුවන්ට හදවතින්ම ආශිර්වාද කල තමන් කිසිවිටෙකත් ගාලුමුවදොර අරගලකරුවන් සමඟ සාකච්ඡාවකින් තොරව රාජපක්ශලාගේ අර්බුදය විසදීමේ කොටස්කරුවකු නොවන බවත් සඳහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

ආයෙත් පඩි වැඩි කළොත් ආර්ථිකේ වැටෙයි – ඇමති අමරවීර

මෙම වර්ෂය තුළ රාජ්‍ය සේවකයින්ට නැවත වැටුප් වැඩි කිරීමක් සිදුකළ නොහැකි බව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම්දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර...

ලාංකිකයින් රුසියානු හමුදා සේවයට යැවූ දෙදෙනෙක් අත්අඩංගුවට

රැසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකළ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු හා එහි කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය...

අතුරුදන් වූ සා.පෙළ සිසුවියන් දෙදෙනා හමුවෙයි

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අතරතුර අතුරුදන් වූ පාසල් සිසුවියන් දෙදෙනා ඥාති නිවසක සිටිය දී හමුවී තිබෙනවා. ඊයේ (15) රාත්‍රියේ එම සිසුවියන් ඥාති නිවසක සිටින බවට...

POPULAR ARTICLES

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...