28 C
Colombo
Saturday, May 4, 2024

පාදෙණිය ශාපය අවසන්. ඊයේ සිට නව සභාපතිවරයෙක්

- Advertisement -

වසර 10 කට වැඩි කාලයක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාගේ ධූරය ඊයේ (11) සිට අවසන් වුණා.

ඒ අනුව මෙවර කිසිදු නිලවරණයක් නොමැතිවම නිතරඟයෙන් ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා නව සභාපතිවරයා ලෙස තේරී පත්වුණා.

එමෙන්ම නව ලේකම්වරයා ලෙස වෛද්‍ය හරිත අලුත්ගේ මහතාද නිතරඟයෙන් තේරී පත්ව තිබුණා.

පසුගිය මැයි 21 වනදා අදාළ ධූර දෙක සඳහා විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන හා වෛද්‍ය හරිත අලුත්ගේ යන මහත්වරුන් නාමයෝජනා භාරදී තිබූ අතර ඊට තරඟ කිරීම සඳහා වෙනත් කිසිදු පාර්ශවයක් ඉදිරිපත් නොවීම නිසා ඊයේ පැවති වාර්ෂික මහා සමුළුවේදී අදාල නාමයෝජනා දෙක සම්මත වීමෙන් පසුව නව තනතුරු දෙක බලාත්මක වී තිබෙනවා.

වාර්ෂික මහා සමුළුවෙන් පසුව හිටපු සභාපති අනුරුද්ධ පාදෙනිය මහතා නව සභාපතිවරයාට සුබ පතා ඇති අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉදිරි වැඩකටයුතු පවත්වාගෙන යෑමට ඔහුගේ සම්පූර්ණ සහය ලබාදෙන බවද සදහන් කළා.

මේ වන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාවේද පසුගිය පාදෙනිය පාලන සමයේ සිටි වෛද්‍යවරුන් 11 දෙනාගෙන් 8 දෙනෙකු ඉවත්කර නව සාමාජිකයින් පත්කරගෙන තිබෙනවා.

ඒ අනුව ඉදිරි වසර සඳහා වන දස වැදෑරුම් ප්‍රතිපත්තියක් සකස් කොට එය එළැඹෙන බදාදා 15 දිනයේ මාධ්‍ය හමුවට ඉදිරිපත් කරන බව නව ලේකම් හරිත අලුත්ගේ මහතා News19 වෙත සඳහන් කළා.


RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...