33 C
Colombo
Tuesday, April 30, 2024

පැන්ඩෝරා පත්‍රිකා: රන්ජන්ගෙන් ප්‍රකාශයක් ගැනීමට සූදානමක්

- Advertisement -

පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳ ක්‍රියාත්මක විමර්ශනය පිළිබඳව දැනට බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් කොමිසම තීරණය කර තිබෙනවා.

ඔහු විසින් කොමිසමෙන් කළ ඉල්ලිමකට අනුව එම ප්‍රකාශ ලබා ගන්නා බවයි කොමිසම පවසන්නේ.

එය දිවුරුම් ප්‍රකාශයක් ලෙස සිය නීතිඥවරයාගේ මාර්ගයෙන් ලබා දෙන්නැයි රන්ජන් රාමනායක මහතා වෙත දැනුම් දුන් බවත් රන්ජන් රාමනායක මහතා ලබා දෙන දිවුරුම් ප්‍රකාශය අනුව ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරන බවත් අල්ලස් කොමිසමේ ප්‍රකාශකයක් පවසා සිටිනවා.

මේ වනවිට විමර්ශනයට අදාළව නිරුපමා රාජපක්ෂ මහත්මියගෙන් සහ තිරුකුමාර් නඩේසන් මහතාගෙන් පමණක් ප්‍රකාශ ලබා ගෙන ඇති බවත් පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශන සඳහා දේශීය වාණිජ හා රාජ්‍ය බැංකු , දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් මේ වනවිට ලේඛන කැඳවා ඇති බවත් කොමිසම සඳහන් කර සිටිනවා.

ලෝක නායකයන්, දේශපාලනඥයින් සහ ප්‍රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය, ගනුදෙනු, මූල්‍ය අපරාධ හා මුදල් විශුද්ධිකරණය සම්බන්ධ මූල්‍ය ලේඛන මිලියන 12 කට ආසන්න ප්‍රමාණයක් පැන්ඩොරා පත්‍රිකා මගින් පසුගියදා අනාවරණය කළේ ය.


RECENT ARTICLES - SINHALA

යාචකයින්ට මුදල් දෙන්න එපා, පොලීසියෙන් නිවේදනයක්

මාර්ග සංඥා අසළ මාර්ගයේ සිඟමනේ යෙදෙන යාචකයින්ට මුදල් දීමෙන් වළකින ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති ඉන්දික...

හදිසියේම බාර් වැසීමේ තීරණයක්

2024 මැයි දිනය වෙනුවෙන් දිවයින පුරා මත්පැන් අලෙවිසැල් හෙට (01)  දිනයේ වසා තැබෙන බව  සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සුරාබදු දෙපාර්තුමේන්තුව දැනුම් දෙන්නේ මත්පැන්හල් අද (30)...

ගුවන් සෙබළා‌ගේ තුවක්කුව ගුවන්තොටේදී ඉබේ පත්තු වෙලා

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ ප්‍රභූ පර්යන්තය තුළ රාජකාරියේ නිරත වී සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භටයෙකු සතු ගිනි අවිය...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...