28 C
Colombo
Sunday, May 5, 2024

පැණි ධම්මිකගේ බාල සොහොයුරා කොරෝනා වැළදී ජීවිතක්ෂයට

- Advertisement -

කොවිඩ් 19 මර්දනය කිරීමට ඖෂධීය පැනියක් සොයාගත් බව කියූ නිසා පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයට ලක්වූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ බාල සොහොයුරා කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කෑගල්ල පොලිස් වසමේ, හෙට්ටිමුල්ල, මාකූර, ගනේගොඩතැන්නේ පදිංචිව සිටි අප්පුකුට්ටි කංකානමලාගේ හීන්බණ්ඩා නමැති 58 හැවිරිදි විවාහක තිදරු පියෙක්.

කොවිඩ් වෛරසය ආසාදනය වී සිටි ඔහු පසුගිය 12 වනදා සිය නිවසේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුව කෑගල්ල නාගරික රෝහල් හදිසි මරණ පරීක්ෂක රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය හා කෑගල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් කුමාර පාරඹේ මහතා විසින් වැඩිදුර පරීක්ෂණ සඳහා දේහය කෑගල්ල මහ රෝහලට රැගෙන ගිය බව පවුලේ ඥාතීන් පවසනවා.

අනතුරුව කෑගල්ල මහ රෝහලේදී සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් ඔහුටකොව්ඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ඔහු කෝවිඩ් නිව්මෝනියාව හේතුවෙන් මිය ගොස් ඇති බව තහවුරු වී තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...