32 C
Colombo
Saturday, May 4, 2024

නාමල්ට දෙරණෙ දිලිත් ජයවීරගෙනුත් බැණුම්

- Advertisement -

නාමල් රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද ට්විටර් පණිවුඩයක් සම්බන්ධයෙන් දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා උරණ වී තිබෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයාද වන නාමල් රාජපක්ෂ මහතා සදහන් කර ඇත්තේ සමාජ මාධ්‍ය අවහිර කිරීම තමන් කිසිසේත් අනුමත නොකරන බවයි.

මේ නිසා මෙම තීරණය ගැන ප්‍රගතිශීලීව සිතා බලා එය නැවත සළකාබලන ලෙස තමන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් පණිවුඩයෙන් ඉල්ලා සිටිනවා.

කෙසේවෙතත් මීට ප්‍රතිචාර දක්වමින් දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා ප්‍රශ්න කර ඇත්තේ “ඩිජිටල් තාක්ෂණ අමාත්‍යවරයා ඔබ නොවන්නේද?” යන්නයි.

මෙම ගැටළුව ඔබගේ බාප්පාට (ගෝඨාභය රාජපක්ෂ) පැවසිය නොහැකිද?” ලෙසද දිලිත් ජයවීර මහතා ප්‍රශ්න කර තිබෙනවා.

දිලිත් ජයවීර මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රසිද්ධියේම පෙනී සිටි පුද්ගලයෙක් වනවා.

කැළණි ගඟෙන් ධාතු රැගත් නාගරාජයෙක් මතුවීම, කොරෝනා මර්දන පැණියක් සොයාගත්බවට පැනි ධම්මික නම් පුද්ගලයෙකුට දැවැන්ත මාධ්‍ය ප්‍රචාරණයක් ලබාදීම වැනි මිත්‍ය මත පැතිරීම හේතුවෙන් ඔහුගේ දෙරණ මාධ්‍ය නාලිකාව ජනතාව අතර දැඩි පිළිකුළටද ලක්වුණා.

මේ පසුගිය ජනාධිපතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිපල නිකුත්වීමෙන් අනතුරුව දිලිත් ජයවීර මහතා තැබූ ෆේස්බුක් සටහනයි


RECENT ARTICLES - SINHALA

එරාවූර්හි පාලු නිවසක තරුණයෙකුගේ මළ සිරුරක්

එරාවූර්, චෙංකලඩි ප්‍රදේශයේ පාලු නිවසක් පිටුපස තිබී පිරිමි පුද්ගලයෙකු ගේ මළ සිරුරක් හමුව තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි ව සිටි 31...

කීරි සම්බා වැඩි මිලට විකුණූ සමූපකාරයකට ලක්ෂ 5ක දඩයක්

කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කළ ගිනිගත්හේන විවිධ සේවා සමුපකාර සමිතියට රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කර තිබෙනවා. කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි...

Fox Hill අනතුරේ වගකීම සංවිධායකයෝ භාරගත යුතුයි – SLRDA

පසුගිය 21 වැනිදා පැවති ෆොක්ස් හිල් තරඟාවලියේදී සිදුවූ මරණ සඳහා ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමයේ සංවිධායකයින් වග කිවයුතු බව පවසමින් රේසිං ධාවකයින්ගේ සංගමය නිවේදනයක් නිකුත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...