27 C
Colombo
Monday, April 29, 2024

‍යොහානි එළි බසියි – නමුත් කා වෙනුවෙන් ද?

- Advertisement -

‘මැණිකේ මගේ හිතේ’ ගීතයත් සමඟ ක්ෂණික ජනප්‍රියත්වයක් මෙන්ම ඉන්දියාව ප්‍රමුඛ රටවල් කිහිපයකම අවධානය මෙරටට ලබා දීමට සමත් වූ යොහානි දිලෝකා ද සිල්වා රට මෙවැනි අර්බුදයකට මුහුණ දී සිටියදී නිහඬ මන්දැයි ප්‍රශ්න කිරීම පසුගිය කාලය පුරාවටම සමාජ මාධ්‍ය තුල දැකගත හැකි විය.

කෙසේ නමුත්, ඇයගේ දිගු නිහැඬියාව බිඳිමින් යොහානි එළිබැස ඇති අතර ඇය පවසන්නේ “දේශපාලනය ගැන කතා නොකරන බැවිනුත්, දේශපාලනය ගැන සැලකිය යුතු දැනුමක් නැති බැවිනුත් , එක දාගන්න විතරක් අරගලයට සම්බන්ද වීමට අකමැති බැවිනුත්” ඇය නිහඬව සිටි බවයි.

මේ අතර විදේශ විනිමය ඇමරිකානු ඩොලර් මිලියනයක් එකතු කිරීමේ යම් අරමුදලක් වෙනුවෙන් පරිත්‍යාග කරන ලෙසත් ඇය ඉල්ලා සිටිනවා.

කෙසේ නමුත්, කරුණු කිහිපයක් මත පදනම්ව ඇයගේ මෙම ක්‍රියාකලාපයට එරෙහිව විශාල ජන විරෝධතාවක් ඇතිව තිබෙනවා.

පළමුව, ජනතාවගේ දුක හඳුනා ගැනීමට දේශපාලන කියවීමක් අවශ්‍ය වන්නේ මන්ද යන්න ජනතාව ප්‍රශ්න කිරීමයි. දෙවනුව ජනතාව වෙනුවෙන් වීදි බැසි කලාකරුවන්ට ‘එක දාගන්නා පුද්ගලයන්’ ගේ ලේබලය ඇය ඇලවීමයි.

තෙවනුව ඇය පවසන ආකාරයට ඇයට වැටහීමට තරම් ඇය ‘පරිනත නැති’කරුණක් සම්බන්ධව ඇය ඩොලර් මිලියනයක මුදලක් රැස් කරන්නේ මන්ද යන්නයි.

සිව් වන මෙන්ම බරපතලම චෝදනාව වන්නේ ඇය විසින් රාජපක්ෂ වරුන් ප්‍රමුඛ වත්මන් රජය විසින් කලක සිට භාවිතා කළ #ForSrilanka හෑෂ්ටැගය භාවිතා කිරීමයි. #GoHomeGota හෑෂ්ටැගය භාවිතා කිරීම් මිලියන දෙකක් ඉක්මවා ඇති අවස්ථාවක අවධානය ඉන් ඉවතට ගැනීමට ඇය උත්සහ කරන බවටත් ඇය කිසියම් දේශපාලන ව්‍යාපාරයක නිරත වන බවට සැක සහිත බවටත් ඔවුන් චෝදනා කර සිටිනවා. එමෙන්ම, ඇයට කොළඹින් හිමිවූ ඉඩම වෙනුවෙන් ඇය කෘතගුන සලකන බවටයි ඔවුන් චෝදනා කර සිටින්නේ.

යොහානි විසින් මෙම මුදල් එකතු කිරීමේ කාර්‍යය සඳහා පල කරන ලද ෆේස්බුක් සටහනට අතිෂයින්ම සමාන සටහනක් හිරුෂි ජයසේන ව්සින් ද පල කර තිබීම විශේෂත්වයක්.

No description available.

මීට පෙර අදාල හෑෂ්ටැගය භාවිතා කළ අවස්ථා

යොහානිගේ ෆේස්බුක් පිටුව

No description available.

ආධාර ඉල්ලන සටහන

No description available.
No description available.
No description available.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...